Tuesday, October 15, 2019

සිලින්ඩර බද (SILINDER BLOCK )

ENGINE කොටස් අතර ප්‍රධානම කොටස ලෙස සිලින්ඩර බද හැදින්විය හැක.සිලින්ඩර බ්ලොක් හි මූලික අවශ්‍යතාව විදියට silinder bore නිර්මාණය කිරීම එමෙන්ම දගර කද සවි කිරීමට මව් බෝරය සකස් කර ගැනීම මෙන්ම සිලින්ඩර මුදුන මුදුනින් නිර්මාණය කිරීමට සිලින්ඩර හිස පහලින් සවි වේ.එමෙන්ම ඉදිරියෙන්  timing cover එකද පසු පසින් cave bore එකද එන්ජින් බදට සවි වේ.
සිලින්ඩර බදේ පිහිටීම අනුව වර්ග වන ආකාරය 



        W type engine



Vr type engine 


V type engine       





සිලින්ඩර වල කල් පැවැත්ම වෙනුවෙන් සිලින්ඩර ලයිනර් silinder liner/sleeve නිර්මානය කරනවා.මේවා ප්‍රධාන ආකාර දෙකකින්‍ සමන්විත වෙනවා.අපි දැන් බලමු ඒ අවස්ථා වන් මොනවද කියලා වගේම එකිනෙකට වෙනස් වෙන්නෙ කොහොමද කියලා.


  • DRY CYLINDER LINER =cylinder block හි පවතින සිලින්ඩරයට මෙම ලයිනරය සවි කරනු ලබයි.කෙලින්ම ජලය සමග හෝ සිසිලකාරකය සමග ගැටීමක් සිදු වන්නේ නැති නිසා මේවාට dry cylinder liner ලෙස හදුන්වන්න පුලුවන් .මේවා සැහැල්ලු  වගේම තූනී ආකාරයෙන් පවතිනවා.


  • WET CYLINDER LiNer =ලයිනරය කෙලින්ම cylinder block තුල පවතින ජලය හෝ සිසිලකාරකය  සමග ස්පර්ශව පවතී.එවිට සිසිලනය කාර්යක්ෂම  වේ.මෙම ලයිනරය බරින් හා ඝනකමින් වැඩි වේ.
සිලින්ඩර බද නිමවා ඇත්තේ අධික පීනයට හා තාපයට ඔරොත්තු දෙන පරිද්දෙනි.මෙ සදහා ලෝහ ගුණ ඉක්මනින් වෙනස් නොවන ඉක්මනින් තාප හුවමාරුවට හැකි වාත්තු කිරීමට සහය දක්වන ලෝහයක් මගින් තනි ඒකකයක් ලෙස වාත්තු කර නිමවා අවශ්‍ය පරිදි යන්ත්‍රගත කරනු ලබයි.






දගර කද(CRANK SHAFT)

එන්ජිම තුල පිස්ටන්  මගින් ලැබෙන අනුවැටුම් චලිතය භ්‍රමන චලිතයක් බවට පරිවර්තනය  දගර කද මගින් සිදුවේ.එමෙන්ම cam shaft,oil pump,water pump ආදිය ක්‍රියාකිරීමට බලය ලබා ගන්නේද මෙම දගර කද මගිනි.මෙහි වේගය Engine Speed  නමින් අප හදුන්වයි.මෙහි ඉදිරි කෙලවරට Timing Wheel සෛ වන අතර පස් පස කෙලවරට Fly Wheel ය සවි වේ.ප්‍රධාන බෙයාරින් මාර්ගයෙන් Main Journal මව් බෝරයට සව් වේ. 



අපි ඊලග කොටසේදී සාකච්චා කරමු ජව රෝදය හා ඒ ආශ්‍රිත අනෙකුත් උපාන්ග පිලිබදව.



No comments:

Post a Comment