Friday, October 18, 2019

පෙට්‍රල් ඉන්ධන පද්ධතිය (PETAL FUEL SYSTEM )

මනුස්ස අපි ජීවත් වෙන්න කෑම කනවා වගෙ මොටර් වාහන වල ක්‍රියාකාරිත්වයට ඉන්ධන අවශ්‍යයි කියලා ඔබ අපි හැමෝම දන්නා කාරනයක් .භාවිතා කරන ඉන්ධන වර්ගය අනුව එන්ජිමේ ක්‍රියාවලිය වෙනස් වනවා.ඉතින් අපි අද බලමු අපි සැවොම දන්න දවස ගානෙ මිල ඉහල යන පෙට්‍රල් යොදා ධාවනය වන මොටර් වාහනයක එම පද්ධතිය සහ එහි ක්‍රියාකාරීත්වය.

 පෙට්‍රල් ඉන්ධන පද්ධතිය (PETRAL FUEL SYSTEM )







ඉන්ධන පද්ධතියක අවශ්‍යතාව.

ඉන්ධන තාවකාලිකව ගබඩා කර ගැනීමට සහ වාහනය ගමන් කරන විවිධ වේගවලට හා එන්ජීමේ අවශ්‍යතාව අනුව කාබියුලේටරයට අවශ්‍ය පරිදි ඉන්ධන  සැපයීමට මෙම පද්ධතිය  අවශ්‍ය වේ.


ඉහත රූප සටනහන බලන කල්හි පෙනී යන එකී මෙකී නොකී සැම කොටසකින්ම  වැදගත් මෙහෙයන් ඉටු වෙනවා එකිනෙකින් කෙරෙන කරුනු කාරනා බලමු.

පෙට්‍රල්  ඉන්ධන පෙරහන PETRAL FUEL  FILTER

මෙමගින් ඉන්ධන වල ඇති අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු පෙට්‍රල් කාබියුලේටරයට ලබා දීම සිදු කරනු ලබයි.මෙය feed pump එකට ඉහලින් සවි කර ඇති නිසා පෝශන පොම්පයේ ආරක්ශාව සැලසේ.








පෙට්‍රල් පෝෂන  පොම්පය (PETRAL  FEED PUMP)


පෝෂණ පොම්පය මගින් ඉන්ධන එන්ජිමට පහලින්  පිහිටි ටැන්කියේ සිට Carburetor  දක්වා ප්‍රවාහනය කර දෙයි.එහෙත් යතුරු පැදි වැනි ඉන්ධන ටැන්කිය ඉහළින් පිහිටි වාහන වලට පෝශණ පොම්පයක් අවශ්‍ය නොවේ.පෝශණ පොම්ප වර්ග 2ක් මූලිකවම පවතී යාන්ත්‍රික හා විදුලියෙන් ක්‍රියාකරන  පොම්ප වශයෙනි.යාන්ත්‍රික පොම්පය ආරක්ශාව අතින්ද ඉහලය.







කාබියුලේටරයක ක්‍රියාකාරීත්වය



පොලොවේ කුහර හදන් ජීවත් වන සත්තු විද්‍යාත්මක මූලධර්ම දැන නොසිටියත්  එවන් ක්‍රම අනුගමනට කරා තම දින චර්‍යාව ගත කරන්නට.උන් ඒ කුහර වලට වාතය ලබා ගන්නට විවිධ  උපක්‍රම  භාවිතා කලා.උන් දැනන් ඉදියෙ නැ වාතය වේගයෙන් ගලන තැනක පීඩනය අඩුයි කියලා ඒත් මනසින් උසස් සතා උන මනුස්සයා මේක ගැන දන්නවා.මේ සංසිද්ධිය මූලික කරගෙන තමා කාබියුලේටරය නිර්මාණය කලේ.






Air Cleaner එක හරහා  Carbulator එකට  එන වායුවේ වේගය වැඩි කරලනු සදහා  යොදා ඇති උපක්‍රමය වන්නේ  මද්‍යයේ  විශ්කම්භය  අඩු වන සේ  සකසා ඇති ස්ථානය වෙන්චූරිය නමින් හදුන්වයි.එන්ජිමේ ඇති පිශ්ටන මගින් චූශන පහරවල් නිරමාණයේදී ඇතිවන  sucking pressure එක Inlet Manufalt එක හරහා Carbulator එක පසු කරමින් Air Cleaner  එක හරහා අවට වායු ගෝලයට යොමු වේ.ඊට සාපෙක්ශව වෙන්චූරිය හරහා ගමන් කරන විට ඇති වන අඩු පිඩන තත්ව  ඉපයෝගී කරගෙන ප්‍රධාන Nosel එක හරහා ඇදී යන ඉන්ධන අංශු වායුව සමග මිශ්‍ර වී ඉන්ධන වායු මිශ්‍රනය  සාදයි.









ඉපිලි කුටීරය ( FLOTING SYSTEM )
   
 කාබියුලේටරයෙහි ඇති Floting System මගින් එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන ගබඩා කර ඇත.මෙහි ඉන්ධන මට්ටම නියතව පවත්වා ගැනීම සාර්ථක ඉන්ධන වායු මිශ්‍රනයක් සෑදීමට බලපාන ප්‍රධාන ම කාරනයකි.ඉන්ධන මට්ටම නියතව පවත්වා ගැනීමට Needle Valve එකත් Floter එකත් උඅපකාරී වේ.ඉන්ධන මට්ටම අඩු වූ විට  Floter යත් Needle Valve වයත් පහත් වී ඉපිලි කුටීරයට ඉන්ධන ගලා ඒම සිදු වේ.නියමිත සීමාවට ඉන්ධන මට්ටම පැමිනීමත් සමග ඉන්ධන මත පාවෙන ෆ්ලෝටරය මගින් Needle Valve වය ඉහලට එසවී ඉන්ධන පැමිනීම නවතා දමයි.









No comments:

Post a Comment