Sunday, October 13, 2019

සිව් පහර චක්‍රය (Four stroke cycle )

සිව් පහර චක්‍රය ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු එන්ජිමක ක්‍රියාකාරී අවස්ථාවේදී හටගන්නා පහරක් එහෙමත් නැත්තම් stroke එකක් කියන්නෙ මොකක්ද කියලා.

පහරක් යනු= සිලින්ඩර  තුල පිහිටන පිශ්ටනය TDC සිට BDC දක්වා කෝ BDC සිට TDC දක්වා  ගමන්                                       කිරීමයි.
සිව් පහර වචනයෙන් පරිසමාප්ත අයුරින්ම මෙම ක්‍රියාවලියේ පියවර 4ක් පමනයි අඩංගු වෙන්නේ අපි පිලිවෙලට ඒ පිලිබද සාකච්චා කරමු.මුලින්ම අපි බලමු පහරවල් හා ඒ ගැන වැඩි දුර විස්තර.


චූශන පහර (Intake stroke )=මෙම  පහරේදී  ප්‍රධාන වෑල්වයන් දෙකෙන් එකක්  වන Intake valve  විවුර්ත  වන අතර   පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි.ඒ මොහොතේ හට  ගන්නා අඩු  පීඩන තත්වය නිසා නැවුම් නැහැබුල් ඉන්ධන වායු මිශ්‍රනය  silinder තුලට  පුරවා ගැනිම සිදුවෙයි.

                                                 
සම්පීඩන පහර(Compressions stroke)=මෙම  පහරේදී  ප්‍රධාන වෑල්වයන්  2ම  වැසී පවතිනඅතර.පිස්ටන්  එක BDC සිට TDC  දක්වා චලිත වේ.මේ  අවස්ථාවේදී  වෑල්ව  2 ම වැසී පවතින නිසා ඉන්ධන වායු  මිශ්‍රනය  හොදින් සම්පීඩනයට ලක් වේ.එවිට දහනයට  සුදුසු  තත්වයට පත්  වේ..
                                                                        
                                                         
   




   බල  පහර(Power Stroke)=මෙහිදී  පිස්ටනය පහර ආරම්භ යේදී  TDC වල පවතින අතර.මෙවිට වෑල්වයන් දෙකම වැසී පවතී.මෙහිදී  ඉලෙක්ට්‍රික් ස්පාක් ආධාරයෙන්  සම්පීඩිත ඉන්ධන වායු මිශ්‍රණය දහනය කරනු ලබයි.මෙම ක්ශනික දහනය නිසා  ඇති වූ තාපය හා පීඩනය පිස්ටන් එක මත බලය උපදවමින්  පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි.
                                                         
                                       



      පිටාර පහර(Exhaust Stroke)=මෙහිදී  පිස්ටනට  BDC සිට  TDC දක්වා ගමන් කරන අතර.මෙවිට exhauste valve විවුර්ත  වී දහනය වූ ඉන්ධන වායු මිශ්‍රණය  ඉන් ඉවත්  වේ.මෙය සිව් පහර චක්‍රයේ අවසන්  පහරයි.


සිව් පහර ක්‍රියාවලිය ගැන සරලම අදහසක් නිවි සැනසිල්ලෙ මේක කියවපු ඔබට ලැබෙන්න ඇතැයි මම සිනතවා.ඒ වගේම අපි ඊලට කතා කරමු මේ පාඨක ඔබ සැමම බලා සිටින එන්ජිම හා එහි අභ්‍යන්තර කොටස් පිලිබදව.දිගටම  අපිත් එක්ක රැදී සිටින්න.




  
                                                                                                                                                                                                




No comments:

Post a Comment