Thursday, October 17, 2019

එන්ජින් ස්නේහනය ENGINE LUBRICATION

නිතර ඇතිල්ලෙන තැන් වලට ලිහිසි ද්‍රවයක් ඇව්ත් ඝර්ශනය අවම උනහම අපේ වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් නේද අත්දැකිමෙන් දන්නවා ඇති සියලු දෙනාම.ඒ වගේම තමා එජිමක ස්නේහන පද්ධතිය මගින් කෙරෙන කාර්‍යය.එන්ජිමකට ස්නේහන පද්ධතියක් අවශ්‍ය වන්නේ ඇයි.

ගැටෙන ක්‍රියාකාරී  ලෝහ කොටස් අතර ඝර්ශනය අවම කිරීමට  එමෙන්ම ප්‍රධාන ක්‍රියාකාරී කොටස් එකිනෙක ගැටීම වලක්වමින් ස්නේහන තෙල් පටලක් මත ක්‍රියාකිරිමට සැලැස්මට වගේ ක්‍රියාවන් වලට තමා ස්නේහන ක්‍රමයක් එන්ජිමට අවශ්‍ය වෙන්නෙ.



ස්නේහන තෙල් වල තිබිය ගුණාංග

  • කම්පන උර ගත හැකි විය යුතුය
  • තාපය උරා ගත හැකි විය යුතුය
  • සේදුම් කාරකයක් ලෙස ක්‍රියාකල හැකි විය යුතුය
  • ස්ථර අතර පටලයක් ලෙස ක්‍රිය කල හැකි විය යුතුය
  • ඕනෑම සියුම් ස්ථානයකට  ගමන් කර ස්නේහනය කල හැකි විය යුතුය
  • මල බැදීම අවම කිරීම
  • ස්නේහන ක්‍රම කීපයක්  අද වන විට භාවිතා  වෙනවා.අපි බලමු ඒ මොනාද කියලා.

අතින් ස්නේහන කිරීම (HAND LUBRICATION SYSTEM )

මෙම ක්‍රමය භාවිතා කරනු ලබන්නේ කුඩා ප්‍රමානයේ මැශින් සහ මහන මැශින්  ස්නේහනය කිරීමටයි.


තෙල් පොගවන රෙදි කැබලි මගින් ස්නේහනය (RAG OIL LUBRICATION SYSTEM )

 මෙසේ කරනු ලබන්නේ  පැරනි දුම්රිය පෙට්ටි වල ඇක්සල කෙලවරෙහි ඔයිල් පෙගවූ රෙදි කැබලි මගින් ස්නේහනය කිරීම සිදු කරයි.



විසිතෙල් ස්නේහන ක්‍රමය ( SPLASH LUBRICATION SYSTEM )

ස්නේහනය   අවශ්‍ය  තැන් වල ක්‍රියාකාරී කොටස් වල ආධාරයෙන්  තෙල් විසි කිරීමේ ක්‍රියාවලිය  මෙලෙස හැදින්විය හැක.උදාහරන වශයෙන් gear box හි අභ්‍යන්තර  ස්නේහනය ගත හැක.


ඉන්ධන  සමග මිශ්‍ර කිරීමේ  ක්‍රමය ( MIX OIL LUBRICATION  SYSTEM )

Two stroke patrol  engine වල දගර කද කුටිය ස්නේහනය කිරීමට මෙම ක්‍රමය යොදා ගනී.දහනයට  යොදාගනු  ලබන පෙට්‍රල් සමග මෙම oil මිශ්‍ර කරයි.



පොම්පයක්  සහිත ස්නේහන ක්‍රමය (PUMP ASISTED  LUBRICATION  SYSTEM )


මෙහීදී පොම්පය මගින් oil pressure  කර අදාල ස්ථාන  වලට පීඩනයක් සහිතව  අවශ්‍ය oil ලබා දීම සිදු කරයි.අද වන විට  ඉහත කී අනෙකුත් ක්‍රම යල් පැන ගොස් ඇති අතර මෙකී ක්‍රමය තවමත් භාවිතයේ ඇත.මෙම පද්ධතිය මූලික කොටස් කීපයකින් සමන්විත වෙනවා.ඒ කොටස් ටික බලලම එක එක කොටසේ කාර්‍යය ගැන බලමු. 









එන්ජින් ඔයිල් තෙල් දෙන (ENGINE OIL SUMP)


Engine  එකට යොදන ස්නේහන තෙල් ගබඩා කර ඇත්තේ මෙහි වන අතර.මීට අමතරව වාහනය ධාවනයේදී oil Sump එකේ සුලග වැදීමෙන් තරමක් සිසිල් වීමක්ද සිදුවේ.




STAINER


Engine Oil Sump පවතින ස්නේහන ඔයිල් පොම්පයට ඇද ගැනීමට රුකුලක් වන්නට මෙට යොදා ඇත.මීට අමතරව මෙහි ඇති දැල් ඒකකය මගින් ඔයිල් පෙරීමකට භාජනය කරවයි.



OIL PUMP


ගෙදර ගෘහ මූලිකයා වගේ තමා මේ පද්ධතියේ  ප්‍රධානම කොටස වෙන්නෙ මෙයා තමා.Sump  එකේ  පවතින ස්නේහන ඔයිල් pump එක මගින් පීඩනයට ලක් කර ස්නේහනය අවශ්‍ය ස්ථාන කරා යැවීම මෙමගින් සිදු කරනු ලබයි.


OIL FILTER


ස්නේහන පද්ධතිය පුරා සංසරණය වන ස්නේහන තෙල් පෙරා පිරිසිදු කිරීම සිදු කරනු ලබන්නේ මෙමගිනි.starainer මගින් නොපෙරෙන සියුම් අංශු පෙරන්නේ මෙමගිනි.




OIL COOLER


Engine ස්නේහනය සදහා අප භාවිතා කරන ස්නේහන තෙල් වල  දුස්‍රාවීතාවය ඉහල අගයක් ගනී.උශ්නත්වය  අධික ලෙස ඉහල යාමට පෙර සිසිල් කල යුතු බැවින් මෙම කොටස භාවිතා කරයි.






ගින්න ඇව්ලුවටම මදි නේද නිවන්නත් කට්ටිය ඉන්න ඔනනේ ඔන්න ඔය ගිනි නිවන කට්ටියගේ කාර්‍යය  භාරය තමා මේ පද්ධතිය මගින් ඉටු කරන්නේ. තවම ඉවර නෑ හොදම වටිනම පද්ධති ගැන අපි තව ඉස්සරහදි කතා කරමු.ඉලග පෝස්ට් එකෙන් හමු වෙනකන් සුබ අනාගතයක් යාලුවනේ.

No comments:

Post a Comment