Thursday, October 10, 2019

එන්ජිම( ENGINE)

මනුස්ස අපේ හදවත වගේ මෝටර් වාහන වල හදවත තමා එන්ජිම කියන්නේ,මොකක්ද ඉතින් මේ එන්ජිම කියන්නේ එන්ජිම කියන්නෙ ශක්ති පරිවර්තකයක් කිව්වොත් මම නිවැරදී.ඉන්ධන වල අඩංගු රසායනික ශක්තිය එන්ජිම තුලදී දහනයට ලක් කරලා ඒ තාප ශක්තිය යාන්ත්‍රික  ශක්තිය බවට   පරිවර්තනය  කරන්නේ මේ එන්ජිමෙන්.


එන්ජින්  විවිධ ආකාරයට වර්ග කරන්න පුලුවන්. අපි මූලිකවම වර්ග කරන්නෙ දහනය සිදුවන ස්ථානය අනුවයි.
           1) අභ්‍යන්තර දහන එන්ජින්(internal combuction engine)
           2)බාහිර දහන එන්ජින්         (external combuction engine)

අද දිනය වෙනකොට අපි බහුලවම කතා කරන්නෙ  අභ්‍යන්තර  දහන එන්ජින් කියන වර්ගයේ එන්ජින් පිලිබදවයි. මේ  එන්ජිමේ තීන විශේශත්වය මෙම එන්ජිමෙහි දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එන්ජිම අභ්‍යන්තර කොටසේ.මේ අභ්‍යන්තර  දහන එන්ජිමත් මූලික ආකාර කීපයකට බෙදා දක්වන්න පුලුවන්.ඉන් වැදගත්ම අපේ පාඩම් මාලවට අත්‍යවශ්‍යම වෙන ආකාරය තමා දහනය සිදුවන ක්‍රියාවලිය අනුව වර්ග කරන ආකාරය.


 අභ්‍යන්තර දහන එන්ජින්(internal combuction engine )
            1)දෙපහර දහන එන්ජින් (Two stroke engine)
            2)සිව්පහර දහන එන්ජින්(Four stroke  engine )

අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ පහරක් කියන්නෙ stroke එකක් කියනේ කියලා.අපි ඔනම කෙනෙක්
දන්නවා එන්ජින් එකක් තුල පිස්ටන්(Piston) තියෙනවා කියලා.ඉතින් මේ පිස්ටන් වල පිහිටීම අනුව පිස්ටන් එකේ පහලම පිහිටුම් ස්තානයට අපි කියනවා BDC (Bottom  Dead Center) කියලා.ඉහලම පිහිටුම් ස්තානය ට අපි කියනවා TDC (Top Dead  Center ) කියලා.මෙන්න මේ සීමා දෙක අතර පිස්ටන් එක එක වරක් ඉහල සිට පහලට හෝ පහල සිට ඉහලට ගමන් කරන එක් වාරයක් අපි Stroke  එකක් කියලා හදුනවනවා.සරල රූප රාමුවකින් මේ පිලිබද අදහසක් ගමු දැන්.







මම ඊලග සටහනෙන් ඔයාලට පැහැදිලි කරල දෙන්නම් සිව්පහර ක්‍රියාවලිය  සහ ඒ ඒ අවස්තාවේ දී පිස්ටන් වල පිහිටුම හා තත්වයන්.දිගටම මගේ බ්ලොග් අඩවියත් එක්ක රැදී සිටින්න.

2 comments: