Sunday, October 20, 2019

ජ්වලන පද්ධතිය IGNITION CIRCUIT

ජ්වලනය කිව්වම අපිට මතක් වෙන්නෙ ගින්නක පෙර මං සලකුනු නේද.ඔව් අපි මේ කතා කරන්න යන්නෙත් ගින්නක් දෙන එකක් ගැන තමයි.යුද්දෙ ට නැති කඩුව කොස් කොටන්නද කියන්නාක් වගේ අදාල මොහොතේදී අදාල කාර්‍යට සහයෝගය දැක්විය යුතුයි.

Advertising that works - yX Media ඉන්ධනයක් ලෙස  පෙට්‍රල් භාවිතා කරන එන්ජිමක සම්පීඩනය වූ වායු ඉන්ධන මිශ්‍රණය දහනය කර ගැනීමට විදුලි පුලිගුවක් අවශ්‍ය වේ.එම පුලිගුව අවශ්‍ය මොහොතේ දී දහන අනුපිලිවෙලට අනුව ජ්වලනය ලබා දීමට මෙම පද්ධතිය අවශ්‍ය වේ.

ඩීසල් එන්ජිමක හා පෙට්‍රල් එන්ජිමක් බැලූ බැල්මටම වෙන්කොට හදුනාගන්නෙ කොහොමද ?





             


 පෙට්‍රල් එන්ජිම                                         


  • High tension වයර් පෙනෙන්නට ඇත                            
  • Ignition Coil එකක් ඇත                                                      
  • Distributor එකක් ඇත                                                         
  • Spark plugs ඇත                                                                 
  • Carbulator  ඇත    



 ඩීසල් එන්ජිම 


  •  Injectors ඇත
  •  Injector pump ඇත                                                
  •  Injectors  High Pressure Lines  ඇත                                           
  •  Return lines ඇත




මේ ලක්ෂණ වලින් අපට වෙන්කොට හදුනාගන්න පුලුවන් මේ එන්ජින් අතර වෙනස.


CONVENTIONAL IGNITION SYSTEM
               

ඉහත සරල සටහනෙන් අපිට බලන්න පුලුවන් IGNITION SYSTEM  එකෙහි ක්‍රියාකාරීත්වය හා උපාංග එකිනෙක සම්බන්ධ වෙලා තියෙන ආකාරය.අපි දැන් බලමු එකෙක් එක් උපාංගයෙන් සිදු කරනු ලබ්න් ක්‍රියාවලිය.


බැටරිය (BATTERY )

බැටරිය මගින් වාහනයක ආලෝක පද්ධතියටත් ,පණ ගැන්වුම් පද්ධතියටත්,ජ්වලන පද්ධතියටත් විදුලිය ලබා දීම සිදු කරනු ලබයි.මෙහි බාහිරින් අග්‍ර හදුනා ගැනීමේ පහසුවට + අග්‍රය - අග්‍රයට සාපේක්ශව විශාල වත් නිර්මාණය කර ඇත.වාහනයක සවි කර ඇති බැට්‍රියක් ගලවන විට පලමුව - අග්‍රය ගලවා දෙවනුව  +  අග්‍රය ගලවනු ලබයි.නැවත සවි කරන විට ප්‍රථමගෙන් + අග්‍රය  සවි කර අවසානයේ - අග්‍රය සවි කරයි.




විලායකය (FUSE)

විදුලි පරිපථයක්  කෙටි පරිපථයක් වන විට  පද්ධතිය තුලින් ගලායන අධික ධාරාව පද්ධතියෙහි කොටස්වලට සිදුවන හානිය වැලැක්වීමට මෙය යොදා ගනී.




ජ්වලන වහරුව (IGNITION SWITCH)


මෙමගින් වාහනයක බැට්‍රියෙන්  සපයනු ලබන විදුලිය වාහනයේ  පණ ගැන්වුම් පද්ධතියටත් අනෙකුත් පද්ධති වලටත්  යොමු කරන අතර පණගන්වා ඇති එන්ජිමක් නතර කිරීමටද උදව් වේ.




ජ්වලන දගරය IGNITION COIL

මෙහිදී යකඩ දණ්ඩක් වටා සිහින් කම්බියක් උපයෝගී කර ගනිමින් වැඩි වට ගණනක් ඔතා ද්විතීක දගරයද මහත කම්බියක් යොදා ගනිමින් අඩු වට ගණනක් ඔතා ප්‍රාථමික දගරය නිමවා ඇත.බැටරියෙන්  ලබා දෙන 12 v ධාරාව ප්‍රාථමික දගරයට ලබා දීමෙන් හට ගන්නා චුම්භක ක්ශේත්‍රය ඉතා සුලු මොහොතකට බිදී යාමේදී එතුල වූ චුම්භක බල රේඛා මෙම ද්විතීක දගරය හරහා ඉතා වේගය්න් කැපී යන විට ද්විතීක දගරය තුලින් 15,000 v -22,000v අතර වෝල්ටීයතාවක් ජනිත වේ.



බෙදාහරිනය (DITRIBUTER)

ජ්වලන දගරයට බැටරියෙන් සපයන ලද විදුලිය විසන්ධි කිරීමෙන් ඇතිවන අධි වෝලිටියතාව එන්ජින්හි දහන අනුපිලිවෙලට අනුව නියමිත වේලාවේදී වෝල්ටීයතාව බෙදා දීම මෙමගින් සිදු කරයි.


අධි වෝලිටියතා වයර (HIGH TENSION VIRES)

ජ්වලන දගරයෙහි ඇති වන අධි වෝලිටියතාව බාහිරය පැමිනීම වැලැක්වීමට ඝන ආවරණයක් සහිතව මෙම වයර නිපදවා ඇත.


පුලිගු පේනුව (SPARK PLUG)


සම්පීඩිත ඉන්ධන වායු මිශ්‍රණය  දහනය කිරීමට අවශ්‍ය  පුලිගුව ලබා දෙයි.


ධාරිත්‍රකය( CONDENSER)

විස්පශක තුඩු ඈත් වන මොහොතේදී ජ්වලන දගරය තුල  ඇති වන අධි වෝලිටියතාව නිසා මෙම විස්පශක තුඩු වලින්ද පුලිගු පැනිය හැක.මේ නිසා විස්පශක තුඩු වල සිදුවන හානිය වලක්වා ගැනීමට මෙම කොටස යොදා ඇත.
විස්පර්ශක  තුඩු (CONTACT BREAKER POINT)


ජ්ලවන දගරයේ අධි වෝල්ටියතාවක් ඇති කිරීමට දගරයට දගරයට් සපයන විද්‍යුත්  ධාරාව  ක්ශනිකව විසන්ධි කිරීමට මෙය යොදා ගනී.මෙවිට C.B.P වැසී පවතින කාලය තුල  cam shaft angle  නම් වන අතර  4 cylinder එන්ජින් වල මෙම අගය අංශක 54 පමණ වන අතර  ව්ස්පර්ශක තුඩු OPEN විට එහි හිඩැස 0.4 mm-0.55mm අගයක් ගනී.



Advertising that works - yX Media






2 comments:

  1. මරු. සුපිරි. පට්ටෙටම තේරුනා

    ReplyDelete
  2. අනිවා මගෙ යාලු

    ReplyDelete