Sunday, October 20, 2019

ජ්වලන පද්ධතිය IGNITION CIRCUIT

ජ්වලනය කිව්වම අපිට මතක් වෙන්නෙ ගින්නක පෙර මං සලකුනු නේද.ඔව් අපි මේ කතා කරන්න යන්නෙත් ගින්නක් දෙන එකක් ගැන තමයි.යුද්දෙ ට නැති කඩුව කොස් කොටන්නද කියන්නාක් වගේ අදාල මොහොතේදී අදාල කාර්‍යට සහයෝගය දැක්විය යුතුයි.

Advertising that works - yX Media ඉන්ධනයක් ලෙස  පෙට්‍රල් භාවිතා කරන එන්ජිමක සම්පීඩනය වූ වායු ඉන්ධන මිශ්‍රණය දහනය කර ගැනීමට විදුලි පුලිගුවක් අවශ්‍ය වේ.එම පුලිගුව අවශ්‍ය මොහොතේ දී දහන අනුපිලිවෙලට අනුව ජ්වලනය ලබා දීමට මෙම පද්ධතිය අවශ්‍ය වේ.

ඩීසල් එන්ජිමක හා පෙට්‍රල් එන්ජිමක් බැලූ බැල්මටම වෙන්කොට හදුනාගන්නෙ කොහොමද ?





             


 පෙට්‍රල් එන්ජිම                                         


  • High tension වයර් පෙනෙන්නට ඇත                            
  • Ignition Coil එකක් ඇත                                                      
  • Distributor එකක් ඇත                                                         
  • Spark plugs ඇත                                                                 
  • Carbulator  ඇත    



 ඩීසල් එන්ජිම 


  •  Injectors ඇත
  •  Injector pump ඇත                                                
  •  Injectors  High Pressure Lines  ඇත                                           
  •  Return lines ඇත




මේ ලක්ෂණ වලින් අපට වෙන්කොට හදුනාගන්න පුලුවන් මේ එන්ජින් අතර වෙනස.


CONVENTIONAL IGNITION SYSTEM
               

ඉහත සරල සටහනෙන් අපිට බලන්න පුලුවන් IGNITION SYSTEM  එකෙහි ක්‍රියාකාරීත්වය හා උපාංග එකිනෙක සම්බන්ධ වෙලා තියෙන ආකාරය.අපි දැන් බලමු එකෙක් එක් උපාංගයෙන් සිදු කරනු ලබ්න් ක්‍රියාවලිය.


බැටරිය (BATTERY )

බැටරිය මගින් වාහනයක ආලෝක පද්ධතියටත් ,පණ ගැන්වුම් පද්ධතියටත්,ජ්වලන පද්ධතියටත් විදුලිය ලබා දීම සිදු කරනු ලබයි.මෙහි බාහිරින් අග්‍ර හදුනා ගැනීමේ පහසුවට + අග්‍රය - අග්‍රයට සාපේක්ශව විශාල වත් නිර්මාණය කර ඇත.වාහනයක සවි කර ඇති බැට්‍රියක් ගලවන විට පලමුව - අග්‍රය ගලවා දෙවනුව  +  අග්‍රය ගලවනු ලබයි.නැවත සවි කරන විට ප්‍රථමගෙන් + අග්‍රය  සවි කර අවසානයේ - අග්‍රය සවි කරයි.




විලායකය (FUSE)

විදුලි පරිපථයක්  කෙටි පරිපථයක් වන විට  පද්ධතිය තුලින් ගලායන අධික ධාරාව පද්ධතියෙහි කොටස්වලට සිදුවන හානිය වැලැක්වීමට මෙය යොදා ගනී.




ජ්වලන වහරුව (IGNITION SWITCH)


මෙමගින් වාහනයක බැට්‍රියෙන්  සපයනු ලබන විදුලිය වාහනයේ  පණ ගැන්වුම් පද්ධතියටත් අනෙකුත් පද්ධති වලටත්  යොමු කරන අතර පණගන්වා ඇති එන්ජිමක් නතර කිරීමටද උදව් වේ.




ජ්වලන දගරය IGNITION COIL

මෙහිදී යකඩ දණ්ඩක් වටා සිහින් කම්බියක් උපයෝගී කර ගනිමින් වැඩි වට ගණනක් ඔතා ද්විතීක දගරයද මහත කම්බියක් යොදා ගනිමින් අඩු වට ගණනක් ඔතා ප්‍රාථමික දගරය නිමවා ඇත.බැටරියෙන්  ලබා දෙන 12 v ධාරාව ප්‍රාථමික දගරයට ලබා දීමෙන් හට ගන්නා චුම්භක ක්ශේත්‍රය ඉතා සුලු මොහොතකට බිදී යාමේදී එතුල වූ චුම්භක බල රේඛා මෙම ද්විතීක දගරය හරහා ඉතා වේගය්න් කැපී යන විට ද්විතීක දගරය තුලින් 15,000 v -22,000v අතර වෝල්ටීයතාවක් ජනිත වේ.



බෙදාහරිනය (DITRIBUTER)

ජ්වලන දගරයට බැටරියෙන් සපයන ලද විදුලිය විසන්ධි කිරීමෙන් ඇතිවන අධි වෝලිටියතාව එන්ජින්හි දහන අනුපිලිවෙලට අනුව නියමිත වේලාවේදී වෝල්ටීයතාව බෙදා දීම මෙමගින් සිදු කරයි.


අධි වෝලිටියතා වයර (HIGH TENSION VIRES)

ජ්වලන දගරයෙහි ඇති වන අධි වෝලිටියතාව බාහිරය පැමිනීම වැලැක්වීමට ඝන ආවරණයක් සහිතව මෙම වයර නිපදවා ඇත.


පුලිගු පේනුව (SPARK PLUG)


සම්පීඩිත ඉන්ධන වායු මිශ්‍රණය  දහනය කිරීමට අවශ්‍ය  පුලිගුව ලබා දෙයි.


ධාරිත්‍රකය( CONDENSER)

විස්පශක තුඩු ඈත් වන මොහොතේදී ජ්වලන දගරය තුල  ඇති වන අධි වෝලිටියතාව නිසා මෙම විස්පශක තුඩු වලින්ද පුලිගු පැනිය හැක.මේ නිසා විස්පශක තුඩු වල සිදුවන හානිය වලක්වා ගැනීමට මෙම කොටස යොදා ඇත.
විස්පර්ශක  තුඩු (CONTACT BREAKER POINT)


ජ්ලවන දගරයේ අධි වෝල්ටියතාවක් ඇති කිරීමට දගරයට දගරයට් සපයන විද්‍යුත්  ධාරාව  ක්ශනිකව විසන්ධි කිරීමට මෙය යොදා ගනී.මෙවිට C.B.P වැසී පවතින කාලය තුල  cam shaft angle  නම් වන අතර  4 cylinder එන්ජින් වල මෙම අගය අංශක 54 පමණ වන අතර  ව්ස්පර්ශක තුඩු OPEN විට එහි හිඩැස 0.4 mm-0.55mm අගයක් ගනී.



Advertising that works - yX Media






Friday, October 18, 2019

පෙට්‍රල් ඉන්ධන පද්ධතිය (PETAL FUEL SYSTEM )

මනුස්ස අපි ජීවත් වෙන්න කෑම කනවා වගෙ මොටර් වාහන වල ක්‍රියාකාරිත්වයට ඉන්ධන අවශ්‍යයි කියලා ඔබ අපි හැමෝම දන්නා කාරනයක් .භාවිතා කරන ඉන්ධන වර්ගය අනුව එන්ජිමේ ක්‍රියාවලිය වෙනස් වනවා.ඉතින් අපි අද බලමු අපි සැවොම දන්න දවස ගානෙ මිල ඉහල යන පෙට්‍රල් යොදා ධාවනය වන මොටර් වාහනයක එම පද්ධතිය සහ එහි ක්‍රියාකාරීත්වය.

 පෙට්‍රල් ඉන්ධන පද්ධතිය (PETRAL FUEL SYSTEM )







ඉන්ධන පද්ධතියක අවශ්‍යතාව.

ඉන්ධන තාවකාලිකව ගබඩා කර ගැනීමට සහ වාහනය ගමන් කරන විවිධ වේගවලට හා එන්ජීමේ අවශ්‍යතාව අනුව කාබියුලේටරයට අවශ්‍ය පරිදි ඉන්ධන  සැපයීමට මෙම පද්ධතිය  අවශ්‍ය වේ.


ඉහත රූප සටනහන බලන කල්හි පෙනී යන එකී මෙකී නොකී සැම කොටසකින්ම  වැදගත් මෙහෙයන් ඉටු වෙනවා එකිනෙකින් කෙරෙන කරුනු කාරනා බලමු.

පෙට්‍රල්  ඉන්ධන පෙරහන PETRAL FUEL  FILTER

මෙමගින් ඉන්ධන වල ඇති අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු පෙට්‍රල් කාබියුලේටරයට ලබා දීම සිදු කරනු ලබයි.මෙය feed pump එකට ඉහලින් සවි කර ඇති නිසා පෝශන පොම්පයේ ආරක්ශාව සැලසේ.








පෙට්‍රල් පෝෂන  පොම්පය (PETRAL  FEED PUMP)


පෝෂණ පොම්පය මගින් ඉන්ධන එන්ජිමට පහලින්  පිහිටි ටැන්කියේ සිට Carburetor  දක්වා ප්‍රවාහනය කර දෙයි.එහෙත් යතුරු පැදි වැනි ඉන්ධන ටැන්කිය ඉහළින් පිහිටි වාහන වලට පෝශණ පොම්පයක් අවශ්‍ය නොවේ.පෝශණ පොම්ප වර්ග 2ක් මූලිකවම පවතී යාන්ත්‍රික හා විදුලියෙන් ක්‍රියාකරන  පොම්ප වශයෙනි.යාන්ත්‍රික පොම්පය ආරක්ශාව අතින්ද ඉහලය.







කාබියුලේටරයක ක්‍රියාකාරීත්වය



පොලොවේ කුහර හදන් ජීවත් වන සත්තු විද්‍යාත්මක මූලධර්ම දැන නොසිටියත්  එවන් ක්‍රම අනුගමනට කරා තම දින චර්‍යාව ගත කරන්නට.උන් ඒ කුහර වලට වාතය ලබා ගන්නට විවිධ  උපක්‍රම  භාවිතා කලා.උන් දැනන් ඉදියෙ නැ වාතය වේගයෙන් ගලන තැනක පීඩනය අඩුයි කියලා ඒත් මනසින් උසස් සතා උන මනුස්සයා මේක ගැන දන්නවා.මේ සංසිද්ධිය මූලික කරගෙන තමා කාබියුලේටරය නිර්මාණය කලේ.






Air Cleaner එක හරහා  Carbulator එකට  එන වායුවේ වේගය වැඩි කරලනු සදහා  යොදා ඇති උපක්‍රමය වන්නේ  මද්‍යයේ  විශ්කම්භය  අඩු වන සේ  සකසා ඇති ස්ථානය වෙන්චූරිය නමින් හදුන්වයි.එන්ජිමේ ඇති පිශ්ටන මගින් චූශන පහරවල් නිරමාණයේදී ඇතිවන  sucking pressure එක Inlet Manufalt එක හරහා Carbulator එක පසු කරමින් Air Cleaner  එක හරහා අවට වායු ගෝලයට යොමු වේ.ඊට සාපෙක්ශව වෙන්චූරිය හරහා ගමන් කරන විට ඇති වන අඩු පිඩන තත්ව  ඉපයෝගී කරගෙන ප්‍රධාන Nosel එක හරහා ඇදී යන ඉන්ධන අංශු වායුව සමග මිශ්‍ර වී ඉන්ධන වායු මිශ්‍රනය  සාදයි.









ඉපිලි කුටීරය ( FLOTING SYSTEM )
   
 කාබියුලේටරයෙහි ඇති Floting System මගින් එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන ගබඩා කර ඇත.මෙහි ඉන්ධන මට්ටම නියතව පවත්වා ගැනීම සාර්ථක ඉන්ධන වායු මිශ්‍රනයක් සෑදීමට බලපාන ප්‍රධාන ම කාරනයකි.ඉන්ධන මට්ටම නියතව පවත්වා ගැනීමට Needle Valve එකත් Floter එකත් උඅපකාරී වේ.ඉන්ධන මට්ටම අඩු වූ විට  Floter යත් Needle Valve වයත් පහත් වී ඉපිලි කුටීරයට ඉන්ධන ගලා ඒම සිදු වේ.නියමිත සීමාවට ඉන්ධන මට්ටම පැමිනීමත් සමග ඉන්ධන මත පාවෙන ෆ්ලෝටරය මගින් Needle Valve වය ඉහලට එසවී ඉන්ධන පැමිනීම නවතා දමයි.









Thursday, October 17, 2019

එන්ජින් ස්නේහනය ENGINE LUBRICATION

නිතර ඇතිල්ලෙන තැන් වලට ලිහිසි ද්‍රවයක් ඇව්ත් ඝර්ශනය අවම උනහම අපේ වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් නේද අත්දැකිමෙන් දන්නවා ඇති සියලු දෙනාම.ඒ වගේම තමා එජිමක ස්නේහන පද්ධතිය මගින් කෙරෙන කාර්‍යය.එන්ජිමකට ස්නේහන පද්ධතියක් අවශ්‍ය වන්නේ ඇයි.

ගැටෙන ක්‍රියාකාරී  ලෝහ කොටස් අතර ඝර්ශනය අවම කිරීමට  එමෙන්ම ප්‍රධාන ක්‍රියාකාරී කොටස් එකිනෙක ගැටීම වලක්වමින් ස්නේහන තෙල් පටලක් මත ක්‍රියාකිරිමට සැලැස්මට වගේ ක්‍රියාවන් වලට තමා ස්නේහන ක්‍රමයක් එන්ජිමට අවශ්‍ය වෙන්නෙ.



ස්නේහන තෙල් වල තිබිය ගුණාංග

  • කම්පන උර ගත හැකි විය යුතුය
  • තාපය උරා ගත හැකි විය යුතුය
  • සේදුම් කාරකයක් ලෙස ක්‍රියාකල හැකි විය යුතුය
  • ස්ථර අතර පටලයක් ලෙස ක්‍රිය කල හැකි විය යුතුය
  • ඕනෑම සියුම් ස්ථානයකට  ගමන් කර ස්නේහනය කල හැකි විය යුතුය
  • මල බැදීම අවම කිරීම
  • ස්නේහන ක්‍රම කීපයක්  අද වන විට භාවිතා  වෙනවා.අපි බලමු ඒ මොනාද කියලා.

අතින් ස්නේහන කිරීම (HAND LUBRICATION SYSTEM )

මෙම ක්‍රමය භාවිතා කරනු ලබන්නේ කුඩා ප්‍රමානයේ මැශින් සහ මහන මැශින්  ස්නේහනය කිරීමටයි.


තෙල් පොගවන රෙදි කැබලි මගින් ස්නේහනය (RAG OIL LUBRICATION SYSTEM )

 මෙසේ කරනු ලබන්නේ  පැරනි දුම්රිය පෙට්ටි වල ඇක්සල කෙලවරෙහි ඔයිල් පෙගවූ රෙදි කැබලි මගින් ස්නේහනය කිරීම සිදු කරයි.



විසිතෙල් ස්නේහන ක්‍රමය ( SPLASH LUBRICATION SYSTEM )

ස්නේහනය   අවශ්‍ය  තැන් වල ක්‍රියාකාරී කොටස් වල ආධාරයෙන්  තෙල් විසි කිරීමේ ක්‍රියාවලිය  මෙලෙස හැදින්විය හැක.උදාහරන වශයෙන් gear box හි අභ්‍යන්තර  ස්නේහනය ගත හැක.


ඉන්ධන  සමග මිශ්‍ර කිරීමේ  ක්‍රමය ( MIX OIL LUBRICATION  SYSTEM )

Two stroke patrol  engine වල දගර කද කුටිය ස්නේහනය කිරීමට මෙම ක්‍රමය යොදා ගනී.දහනයට  යොදාගනු  ලබන පෙට්‍රල් සමග මෙම oil මිශ්‍ර කරයි.



පොම්පයක්  සහිත ස්නේහන ක්‍රමය (PUMP ASISTED  LUBRICATION  SYSTEM )


මෙහීදී පොම්පය මගින් oil pressure  කර අදාල ස්ථාන  වලට පීඩනයක් සහිතව  අවශ්‍ය oil ලබා දීම සිදු කරයි.අද වන විට  ඉහත කී අනෙකුත් ක්‍රම යල් පැන ගොස් ඇති අතර මෙකී ක්‍රමය තවමත් භාවිතයේ ඇත.මෙම පද්ධතිය මූලික කොටස් කීපයකින් සමන්විත වෙනවා.ඒ කොටස් ටික බලලම එක එක කොටසේ කාර්‍යය ගැන බලමු. 









එන්ජින් ඔයිල් තෙල් දෙන (ENGINE OIL SUMP)


Engine  එකට යොදන ස්නේහන තෙල් ගබඩා කර ඇත්තේ මෙහි වන අතර.මීට අමතරව වාහනය ධාවනයේදී oil Sump එකේ සුලග වැදීමෙන් තරමක් සිසිල් වීමක්ද සිදුවේ.




STAINER


Engine Oil Sump පවතින ස්නේහන ඔයිල් පොම්පයට ඇද ගැනීමට රුකුලක් වන්නට මෙට යොදා ඇත.මීට අමතරව මෙහි ඇති දැල් ඒකකය මගින් ඔයිල් පෙරීමකට භාජනය කරවයි.



OIL PUMP


ගෙදර ගෘහ මූලිකයා වගේ තමා මේ පද්ධතියේ  ප්‍රධානම කොටස වෙන්නෙ මෙයා තමා.Sump  එකේ  පවතින ස්නේහන ඔයිල් pump එක මගින් පීඩනයට ලක් කර ස්නේහනය අවශ්‍ය ස්ථාන කරා යැවීම මෙමගින් සිදු කරනු ලබයි.


OIL FILTER


ස්නේහන පද්ධතිය පුරා සංසරණය වන ස්නේහන තෙල් පෙරා පිරිසිදු කිරීම සිදු කරනු ලබන්නේ මෙමගිනි.starainer මගින් නොපෙරෙන සියුම් අංශු පෙරන්නේ මෙමගිනි.




OIL COOLER


Engine ස්නේහනය සදහා අප භාවිතා කරන ස්නේහන තෙල් වල  දුස්‍රාවීතාවය ඉහල අගයක් ගනී.උශ්නත්වය  අධික ලෙස ඉහල යාමට පෙර සිසිල් කල යුතු බැවින් මෙම කොටස භාවිතා කරයි.






ගින්න ඇව්ලුවටම මදි නේද නිවන්නත් කට්ටිය ඉන්න ඔනනේ ඔන්න ඔය ගිනි නිවන කට්ටියගේ කාර්‍යය  භාරය තමා මේ පද්ධතිය මගින් ඉටු කරන්නේ. තවම ඉවර නෑ හොදම වටිනම පද්ධති ගැන අපි තව ඉස්සරහදි කතා කරමු.ඉලග පෝස්ට් එකෙන් හමු වෙනකන් සුබ අනාගතයක් යාලුවනේ.

Wednesday, October 16, 2019

ජව රෝදය හා අනෙක් උපාංග

ජව රෝදය (FLY  WHEEL )
Best automative          වචනයෙන් පරිසමාප්ත  අයුරින්ම ජව රෝදය කියන්නෙ ජවය එක් රැස් උන තැනක්.ඇත්තටම මොකක්ද මේකෙන් අපේ එන්ජිමේ ධාවනයට වැදගත්වෙන්නේ.දගර කද එහෙම නැත්තම් සින්හලෙන්කිව්වොත් CRANK  SHAFT එකට එක් බලපහරක කැරකුම් බලය ලැබුන පසු අනෙක් පහරේ බලය ලැබෙන තෙක් ඒකා කාරිව පෙර ලද බලය පවත්වා ගැනීමත් මෙමගින් සිදු කරනු ලබයි.
අපිට ඊලගට අවධානය දෙන්න් තියෙන කොටස තමයි කම්පන පරිමන්දකය සුද්දගෙ බසින් කියනවනම් VIBRATION DAMPER .

කම්පන පරිමන්දකය (VIBRATION DAMPER)

Powe stroke  එකකකදී එහෙමත් නැත්තම් බල පහරකදී crank shaft එකට  ලබුන කම්පනයන් ඉන් පිටතට යාම වැලැක්වීමටත් එම කම්පනයන්  උරා ගැනීමටත්  යොදා ඇති කොටස මෙනමින් හදුන්වනු ලබනවා.මෙය  දගර කදේ ඉදියේ  සවි වී ඇත.



පිස්ටනය සහ පිස්ටන් අත


එන්ජිමක ලොකුම කාර්‍ය බාරයක් ඉටු කරන අංගයක් වෙන්නෙ පිස්ටනය අපි දැන් බලමු පිස්ටන් වල කොටස්  හදුනාගන්නෙ කොහොමද කියලා.
ඉහත රූපයේ  සදහන් අයුරට පිස්ටන්  එක් හා ඒ හා සම්බන්ධිත කොටස් ගැන අදහසක්  මෝටර් කාර්මික ක්ශේත්‍රයට පිවිසිල ඉන්න අපි දැනගෙන ඉන්නම ඕනා.

මෙම පිස්ටන් හිසහි මූලික ආකාර කිපයක් පවතිනවා.අපි දැන් බලමු ඒ මොනවද කියලා.


පිස්ටන් වල හැඩයන් වලින් වගේම  පිස්ටන්  Rings වලිනුත් අමිල මෙහෙයක් ඉටු කරනවා.මේවා මූලිකවම
ප්‍රධාන කොටස් කීපයකට වෙන් කරනු ලබනවා
  • Compressions rings
  • Oil rings

Piston හි කාර්‍ය වන්නේ දහන කුටිය නිර්මාණයට silinder bore පහලින් මුද්‍රා කර තැබීමයි.මීට අමතරව ශක්ති  පරිවර්තනයේදී රේකීය චලිතයක් නිර්මානය කරවයි.
Compressions Rings පිස්ටනයත් සිලින්ඩර  බොරයත් අතර හොදින් මුද්‍රා කර තබා ගැනීම මෙමගින් සිදු කරනු ලබනවා .
Oil Rings මෙම වර්ගයේ රින්ග්ස් මගින්  සිලින්ඩර  බෝරයෙහි තැවරී ඇති ඔයිල් ඉවත්කිරිම සිදු වෙනවා.මෙය පිස්ටනයේ පහලටම වන සේ පිහිටා ඇත.

Tuesday, October 15, 2019

සිලින්ඩර බද (SILINDER BLOCK )

ENGINE කොටස් අතර ප්‍රධානම කොටස ලෙස සිලින්ඩර බද හැදින්විය හැක.සිලින්ඩර බ්ලොක් හි මූලික අවශ්‍යතාව විදියට silinder bore නිර්මාණය කිරීම එමෙන්ම දගර කද සවි කිරීමට මව් බෝරය සකස් කර ගැනීම මෙන්ම සිලින්ඩර මුදුන මුදුනින් නිර්මාණය කිරීමට සිලින්ඩර හිස පහලින් සවි වේ.එමෙන්ම ඉදිරියෙන්  timing cover එකද පසු පසින් cave bore එකද එන්ජින් බදට සවි වේ.
සිලින්ඩර බදේ පිහිටීම අනුව වර්ග වන ආකාරය 



        W type engine



Vr type engine 


V type engine       





සිලින්ඩර වල කල් පැවැත්ම වෙනුවෙන් සිලින්ඩර ලයිනර් silinder liner/sleeve නිර්මානය කරනවා.මේවා ප්‍රධාන ආකාර දෙකකින්‍ සමන්විත වෙනවා.අපි දැන් බලමු ඒ අවස්ථා වන් මොනවද කියලා වගේම එකිනෙකට වෙනස් වෙන්නෙ කොහොමද කියලා.


  • DRY CYLINDER LINER =cylinder block හි පවතින සිලින්ඩරයට මෙම ලයිනරය සවි කරනු ලබයි.කෙලින්ම ජලය සමග හෝ සිසිලකාරකය සමග ගැටීමක් සිදු වන්නේ නැති නිසා මේවාට dry cylinder liner ලෙස හදුන්වන්න පුලුවන් .මේවා සැහැල්ලු  වගේම තූනී ආකාරයෙන් පවතිනවා.


  • WET CYLINDER LiNer =ලයිනරය කෙලින්ම cylinder block තුල පවතින ජලය හෝ සිසිලකාරකය  සමග ස්පර්ශව පවතී.එවිට සිසිලනය කාර්යක්ෂම  වේ.මෙම ලයිනරය බරින් හා ඝනකමින් වැඩි වේ.
සිලින්ඩර බද නිමවා ඇත්තේ අධික පීනයට හා තාපයට ඔරොත්තු දෙන පරිද්දෙනි.මෙ සදහා ලෝහ ගුණ ඉක්මනින් වෙනස් නොවන ඉක්මනින් තාප හුවමාරුවට හැකි වාත්තු කිරීමට සහය දක්වන ලෝහයක් මගින් තනි ඒකකයක් ලෙස වාත්තු කර නිමවා අවශ්‍ය පරිදි යන්ත්‍රගත කරනු ලබයි.






දගර කද(CRANK SHAFT)

එන්ජිම තුල පිස්ටන්  මගින් ලැබෙන අනුවැටුම් චලිතය භ්‍රමන චලිතයක් බවට පරිවර්තනය  දගර කද මගින් සිදුවේ.එමෙන්ම cam shaft,oil pump,water pump ආදිය ක්‍රියාකිරීමට බලය ලබා ගන්නේද මෙම දගර කද මගිනි.මෙහි වේගය Engine Speed  නමින් අප හදුන්වයි.මෙහි ඉදිරි කෙලවරට Timing Wheel සෛ වන අතර පස් පස කෙලවරට Fly Wheel ය සවි වේ.ප්‍රධාන බෙයාරින් මාර්ගයෙන් Main Journal මව් බෝරයට සව් වේ. 



අපි ඊලග කොටසේදී සාකච්චා කරමු ජව රෝදය හා ඒ ආශ්‍රිත අනෙකුත් උපාන්ග පිලිබදව.